Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අද විශේෂ තරගයක්




2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සහභාගිවනවා.

ඒ සත්කාරක දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4 යි 30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස සුජාන් පෙරේරා කටයුතු කරන අතර කවිදු ඉෂාන් සහ වසීම් රාසික් උප නායකයින් ලෙස කටයුතු කරනවා.

ආසියානු එච් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටිනවා.

දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් සටහනේ 39 වන ස්ථානයේ පසුවන අතර රටවල් 210 ක් ශ්‍රේණිගත කර ඇති එම සටහනේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිමිව ඇත්තේ 204 වන ස්ථානයේයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ලෙබනනයට එරෙහිව ඉකුත්දා පැවැති තරගයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ යළිත් මෙරට තුළ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබෝධයක් ඇති කරමින්.

එම තරගයේදී ශ්‍රේණිගත කිරීම්වල 93 වන ස්ථානයේ පසුවන ලෙබනන කණ්ඩායමට එරෙහිව දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එම තරගය නිමා කළේ ගෝල 3 ට දෙකක් ලෙස ගෞරවාන්විත පරාජයක් ලබමින්.

මේ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගය සදහා කණ්ඩායමේ සූදානම පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා.