Friday, May 10, 2024

General line - 0115112241

නේටෝ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්




චීනයේ මිලිටරි තර්ජන සම්බන්ධයෙන් නේටෝ සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

ඒ, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති නේටෝ සමුළුවේදීයී. චීනයේ හැසිරීම් විලාශය අභියෝගයක් වී ඇති බවයි එම සංවිධානයේ නායකයින් එහිදී පෙන්වා දී ඇත්තේ.

චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩා වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින බවත්, එය විනිවිදභාවයෙන් තොර බවත් ඔවුන් පෙන්වාදී තිබෙනවා.

නේටෝ සංවිධානයේ ප්‍රධානී ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසා ඇත්තේ චීනයේ හමුදාමය සහ තාක්ෂණිකමය හැකියාව නේටෝ සංවිධානයට අයත් රටවල්වල හමුදාමය හැකියාවන්ට සමාන බවයි. එහෙත් චීනය සමග සීතල යුද්ධයක් අනවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සහ උතුරු අමෙරිකානු රටවල් 30 ක් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරනවා.