Wednesday, May 8, 2024

General line - 0115112241

කොරෝනාවට අභියෝග කළ චීනයෙන් අභ්‍යවකාශයටත් අභියෝගයක්




චීනය අද සිය අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් එක් ඉදිරි පියවරක් තැබුවා.

ඒ, සිය නියමුවන් සහිත යානයක් අභ්‍යවකාශ ගත කරමින්.

එලෙස අභ්‍යවකාශ ගත කෙරුණේ චීනයේ “ෂෙන්සු ටුවෙල්ව්” අභ්‍යවකාශ යානයයි.

චීන ගගනගාමීන් තිදෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටිනවා.

ඔවුන් එරට අභ්‍යවකාශ මෙහෙයුමේ සක්‍රියව නිරත වී සිටි පළපුරුදු ගගනගාමීන් තිදෙනෙක්. එම ගගනගාමීන් තිදෙනා මාස 03 ක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිතයි.

එම කාලය තුලදී ඔවුන්, චීනය මීට පෙර අභ්‍යවකාශ ගත කෙරුණු සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති.

කෙසේවෙතත්, චීනය පවසන්නේ මෙය සිය අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථක පියවරක් බවයි. අභියෝග පවතින්නේ තවත් ඉදිරියට බව ද චීනය වැඩිදුරටත් සඳහන් කළා.