Saturday, May 18, 2024

General line - 0115112241

විශ්වාස භංගය ගැන ඇමති ගම්මන්පිල කතා කරයි




තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද යළි ප්‍රතිචාර දැක්වුවා. ඒ, සිය අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ඉන්ධන මිල ඉහළ දැමීම පදනම් කර ගනිමින් අමාත්‍ය උයද ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය ඊයේ විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම ආරම්භ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට වේලාවක් ඉල්ලා ඇති බවත්, කඩිනමින් එය භාරදීමට කටයුතු කරන බවයි. 
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව කුඩා වැල්ලේ ධීවරයින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. 

පළාත් පාලන ආයතන නියෝජිතයින් ද ප්‍රදේශ කිහිපයක අද විරෝධතාවල නිරත වුණා. ඒ, ඉහළ දැමූ ඉන්ධන මිලට එරෙහිවයි. හික්කඩුව, කරන්දෙණිය, වෙන්නප්පුව හා පානදුර යන ප්‍රදේශවල මෙම විරෝධතා පැවැත්වුණා.