Monday, April 29, 2024

General line - 0115112241

සිනෝවැක්ස් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම යයි




සිනෝවැක්ස් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  

එන්නත් මාත්‍රා ලබා ගත්තද තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.