Tuesday, April 30, 2024

General line - 0115112241

නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 414 දෙනෙකු ඊයේ අත්අඩංගුවට




නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 414 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් ගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය උපදෙස් නොතකා විවෘත කර තිබු බස්නාහිර පළාතේ සම්බාහන මධ්‍යස්ථාන 11ක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහි සිටි කාන්තාවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

එමෙන්ම සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් සේවා සැපයූ බස්නාහිර පළාතේ සන්නිවේදන මධ්‍යස්ථාන, මැහුම්කරුවන්, ඇදුම් සපයන්නන්, ඡායා පිටපත් ලබා ගන්නා ස්ථාන ඇතුළු ස්ථාන 1,566ක් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම ස්ථානවල සිටි පුද්ගලයින් 634 දෙනෙකු අවවාද කර මුදා හැරුණු බවයි බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.