Tuesday, April 30, 2024

General line - 0115112241

ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්




සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.

මේ වනවිට මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඒ අතර මාලදිවයින්  ජාතිකයෙකු ද වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.