Tuesday, April 30, 2024

General line - 0115112241

සාකච්ඡා අසාර්ථකයි - සෞඛ්‍ය වර්ජනය තවදුරටත්




බලධාරීන් සමග අද පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.  මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි සභාපති රවී කුමුදේෂ්.

සිය වෘත්තීය සමිති ඕනෑම අවස්ථාවක සාකච්ඡා කර විසදුමකට පැමිණීමට සූදානම් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේත් රෝහල් වෙත පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත් වුණා. වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ඔවුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.