Tuesday, April 30, 2024

General line - 0115112241

ඝාතනය කළ බවට සැක කෙරෙන දිවියෙකුගේ සිරුරක් ආගරපතන ප්‍රදේශයේදී හමුවෙයි




ඝාතනය කළ බවට සැක කෙරෙන දිවියෙකුගේ මළ සිරුරක් ආගරපතන ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. මියගිය දිවියා වැඩිදුර පරීක්‍ෂණ සදහා නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් රැගෙන ගිය බවයි ආගරපතන පොලීසිය සදහන් කළේ.

මෙම දිවියාගේ ගෙල ප්‍රදේශයට දැඩි තුවාල සිදුවී ඇති බවද පොලීසිය සදහන් කළා. මීට පෙරද කදුකර ආශ්‍රිත ප්‍රදේශවලදී ඝාතනය කෙරුණු දිවියන්ගේ මළසිරුරු රැසක් හමු වී තිබුණා. පරිසරවේදීන් පවසන්නේ මෙම සත්වයින් ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක නොවන බවයි.