Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කෙරේ




ලබන 08වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 03නෙකුගේ විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින්. රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ආචාර්ය නාලක ගොඩහේවා සහ මොහාන් ප්‍රියදර්ශණ සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් මෙලෙස සංශෝධනය කර තිබෙනවා.

මීට අමතරව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණූ හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහාන් ප්‍රියදර්ශණ සිල්වා සහ නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ නාලක ගොඩහේවායි.