Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිත මෙරට ළමුන් 34 කට තවත් රෝගයක්




කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් අනතුරුව දරුවන්ට වැළදෙන බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය හටගත් දරුවන් 34 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත සදහන් කළේ එම පිරිසෙන් දරුවන් 21 දෙනෙකුට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති බවයි. කොරෝනා වෛරසය වැළදී සති 2 ත් 6 ත් අතර කාලයකදී දරුවන්ට එම රෝගය වැළදෙන බවයි ඔහු කියාසිටියේ.

එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් කඩිනමින් රෝහලක් වෙත රැගෙන යන ලෙසයි  මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.