Friday, May 17, 2024

General line - 0115112241

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව අදත් විරෝධතා

කමල් සුරවීර




කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අදත් විරෝධතාවක් පැවැත්වූවා. ජාතික ජන බලවේගය සංවිධානය කළ එම විරෝධතාවය පැවැත්වුණේ කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදීයි. ඊට එක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක. 

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු සංගම් 14ක් ඉකුත් 12වනදා සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ගුරු සංගම් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජන සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රුඹුක්වැල්ලද මහනුවරදී අද දිනයේද අදහස් පළ කළා.

ගුරුවරුන් සම්බන්ධයෙන් තමන් ඉකුත්දා කළ ප්‍රකාශය ඇතැම් පිරිස් විකෘති කර ඇති බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ.