Friday, May 17, 2024

General line - 0115112241

ඩෙල්ටා ප්‍රභේදය මෙරට සුළභව පැතිර යාමේ අවධානමක්




ඩෙල්ටා ප්‍රභේදය ඉදිරයේදී මෙරට තුළ සුළභ ලෙස පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මේ අතර මධ්‍යම පළාතේ ජනතාව සඳහා මොඩොනා එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 54,962 නෙකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නා. එහි දෙවන මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස 11,540ක්. ඊයේ දිනයේදී පුද්ගලයින් 960 දෙනෙකු සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට 54 ලක්ෂ 4,938 දෙනෙකු සඳහා කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. ඉන් පුද්ගලයින් 16 ලක්ෂ 46,176 දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.