Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ වරාය නගර පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ චීන ජාතිකයෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට




කොළඹ වරාය නගර පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම චීන ජාතිකයා වරාය නගරය ආසන්න අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකරන ආයතනයක සේවය කරන අයෙකු බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු විසින් තවත් පුද්ගලයන් සිව් දෙනෙකු වරාය නගරයට ඇතුල්කිරීමට උත්සාහ කර තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.