Friday, May 17, 2024

General line - 0115112241

බදියුදීන්ගේ බිරිඳගේ දුරකතන සංවාද පොලීසියට දෙන්නැයි අධිකරණයෙන් නියෝග




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, බොරැල්ල පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනූවයි.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම නියෝගය නිකුත් කළා. පිළිස්සුම් තුවාල සහිතව එම දැරිය කොළඹ ජාතික රෝහලේ දී ඉකුත්දා මිය ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් අනාවරණ වී ඇත්තේ එම දැරිය ලිංගික අපයෝජනයකට ද ලක්ව ඇති බවයි.

අදාළ දැරිය හැටන් ප්‍රදේශයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසට රැගෙන ආ තැරැව්කරුගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට අධිකරණය මෙහිදී නියෝග කළා.