Thursday, May 16, 2024

General line - 0115112241

මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 30,000 කට ඊයේ දිනයේදී මොඩර්නා පළමු මාත්‍රාව




මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලක්ෂ 30,596 දෙනෙකුට මොඩර්නා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන දෙලක්ෂ 38,383 ක්.

මේ අතර ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 95,037 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් ගණන හතලිස් හත් ලක්ෂ 48,225 ක්.

එම එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දිනය තුළ පුද්ගලයින් 12,655 දෙනෙකුට ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් ගණන දහතුන් ලක්ෂ 13,337 ක් වනවා.