Saturday, May 11, 2024

General line - 0115112241

කොතලාවල විශ්ව විද්‍යාලය හරහා අධ්‍යාපනය මිලිටරීකරණ නොවන බව උප කුලපතිත් කියයි




1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් ගැසට් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිළි නිර්වචනයක් සිදුකළ යුතු බව ඒ වෙනුවෙන් හඬ නගන පාර්ශව පෙන්වා දෙනවා. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන පුද්ගලයින්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකි බවට දක්වා ඇති කරුණ කුමක්ද යන්නයි. ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ ආන්දෝලනයට තුඩු දී ඇති කොතලාවල විශ්ව විද්‍යාල පනත කේන්ද්‍ර කර ගනිමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි. 

කෙසේවෙතත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට ඇතුළත් කිරීමට උත්සහ දරන්නේ දැයි සැකයක් පවතින බවයි. 

නව පනත හරහා මතුව ඇති අපැහැදිලිතා පිළිබඳ ආණ්ඩුව පැහැදිළි නිර්වචනයක් ලබානොදුන හොත් ඉදිරියේදී තවත් ගැටළු මතුවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේවෙතත් කොතලාවල විශ්ව විද්‍යාලය හරහා අධ්‍යාපනය මිලිටරීකරණය වන බවට එල්ල වන චෝදනා එහි උප කුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් ප්‍රතික්ෂේප කරනවා. 

කොතලාවල විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් හා ඊට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ සුදුසුකම් පිළිබඳ ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මෙලෙස පැහැදිළි කිරීමක් සිදුකළා.