Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වනවාද? ඇමති නිමල්ගෙන් පිළිතුරු




ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට කිසිදු පාර්ශවයක් සිය පක්‍ෂයට දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු මහලේකම්වරයෙකු වූ, දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21 වන ගුණ අනුස්මරණ  උත්සවයට කොළඹදී එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් කිහිපදෙනෙකුද එක්ව සිටියා.