Monday, May 6, 2024

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේදී ආපදාවකට ලක්වන ඕනෑම නෞකාවක් බේරා ගැනීමට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරනවා - අමාත්‍ය මහින්ද අමරවීර




මෙරට මුහුදු සීමාවේදී ආපදාවකට ලක්වන ඕනෑම නෞකාවක් බේරා ගැනීමට තරම් ප්‍රමාණවත් පහසුකම් සෑම වරායකම ස්ථාපිත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය පාදක කර ගනිමින් එම පියවර ආරම්භ කළ බවයි. 

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවට පළමු අදියරේ වන්දි ප්‍රදානය ඊයේ සිදු කෙරුණා. ඒ අනුව ඉදිරි වන්දි ලබා ගැනීම සහ ගෙවීමේ සැලසුම් සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.