Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති සහ නිදහස් පක්‍ෂය අතර තීරණාත්මක සාකච්ඡාව ඇරඹේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් කිහිප දෙනෙකු එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කෙනෙහෙළිකම් සිදුවන බවට එම පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයන් කිහිප දෙනෙකුම ඉකුත් දිනවල මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

දැන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇති කරගත් ගිවිසුම් පදනම් කර ගනිමින් සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කළා.

ආණ්ඩුවෙන් ඉවත්වයාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීමේ වගකීමක් පක්ෂයට ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.