Monday, May 6, 2024

General line - 0115112241

බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

රංජිත් රාජපක්ෂ




හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂන සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම අද හැටන් ඩයගම ප්‍රදේශයේ තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

අදාල දැරිය මෙහෙකාර සේවයට රැගෙන ගිය තැරැව්කරුගේ සාමාජිකයන්ගෙන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ ලබාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර අධිකරණය මඟින් ඊයේ ලබාදුන් නියෝගය අනුව මියගිය දැරියගේ දේහය අද දිනයේ ගොඩගනු ඇතැයි සිතා ඩයගම අවට වතු කම්කරුවන් විශාල පිරිසක් එම සුසාන භූමිය අසලට එක්ව සිටියා. කෙසේ වෙතත් ඇයගේ මෘත ශරීරය අද දිනයේ ගොඩගැනුණේ නැහැ.

අධිකරණ නියෝගයක් මත මෘත ශරීරයක් ගොඩගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් අනුව ඉදිරි දින කිහිපයේදී දැරියගේ මෘත ශරීරය ගොඩගනු ඇති බවයි පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ. 

මේ අතර මෙම සිද්දිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සෘජු අදහසක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්.