Monday, May 6, 2024

General line - 0115112241

පවතින කොවිඩ් අවදානම ගැන අවදානය යොමු කරන්න - මහජන පරීක්ෂකවරුන් දැනුම් දෙයි

ජූඩ් සමන්ත




ජනතාව මෙන්ම බලධාරීන්ද රට තුළ පවත‘න කොවිඩ් අවදානම පිළිබඳ වඩාත් විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඉදිරියේදී රෝගීන්ගේ මෙන්ම මරණ සංඛ්‍යාවේද වැඩි වීමක් විය හැකි බවයි.

පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් යුතුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස ගුරු විදුහල්පති සංගම්වලින් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.