Tuesday, May 7, 2024

General line - 0115112241

රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට




රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී සැකකරුවන් සමග කේරළ ගංජා කිලෝග්‍රෑම්  417 යි ග්‍රෑම් 200 ක් සහ ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් තිදෙනා අවුරුදු 20ත් 40ත් අතර වයසේ පසුවන තොන්ඩමන්ආරු සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

සිය භාරයට ගැණුනු කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි කටයුතු සඳහා ඉලවාලි පොලීසිය වෙත භාර දීමට නියමිත බවයි නාවික හමුදාව සඳහන් කළේ.