Tuesday, May 7, 2024

General line - 0115112241

පෝලන්ත ක්‍රීඩිකාවක් ඔලිම්පික් ඉතිහාසය අළුත් කරයි




එකම ඉසව්වක ඔලිම්පික් ක්‍රීඩා උලෙල 3ක දී  රන් පදක්කම දීනූ පලමු ක්‍රීඩිකාව ලෙස පෝලන්තයේ අනීටා වොඩාසික් ඉතිහාසය ගත වුණා.  ඒ, මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙලේ කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

2012, 2016 ඔලිම්පික් උළෙල දෙකේදී ද, ඇය කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම් තමන් සතු කර ගැනීමට සමත් වුණා. 

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 11 වන දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේ චීනයයි. ඒ පිළිබඳ තවත් තොරතුරු ජපානයේ ටොකියෝ ජාතික ක්‍රිඩාංගණයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවලගෙන්.