Monday, May 6, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව එක් දිනකට සිමා වෙයි




කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට දිනයේ පමණක් පැවැත්වීමට පක්‍ෂ නායක රැස්වීමේදී අද තීරණය කළා. පක්‍ෂ නායක රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව කොරෝනා වෛරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත හෙට දිනයේදී විවාදයට ගෙන සම්මත කර ගැනීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව ලබන සැප්තැම්බර් මස 6 වනදා දක්වා පාර්ලිමේන්තුව යළි කල් තැබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය මත පාර්ලිමේන්තුව සැලසුම් කළ අයුරින් රැස්වීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සදහා සැප්තැම්බර් මස 6 වනදා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.