Monday, May 6, 2024

General line - 0115112241

අද රාත්‍රි 10 සිට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි




අද සිට සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදින අළුයම 04දක්වා නිරෝධායන ඇදිරි නීතිය පැනවෙනවා.   යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ යළි දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි. 

මේ අතර සියලු මහජන ඒකාරාශීවීම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි දැනුම් දෙන තුරු තහනම් කෙරුණා. හෙට  සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සවද තහනම් වනු ඇති.

මේ අතර රාත්‍රී කාලයේදී පමණක් නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

විපක්‍ෂය නගන මෙම චෝදනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

රජය රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මෙලෙස කරුණු පැහැදිලි කළා.