Monday, May 6, 2024

General line - 0115112241

පුද්ගලික රෝහල්වලින් ජනතාව සිදුකරනු PCR පරීක්ෂණවල වියදමින් අඩක් රජය දැරිය යුතු බවට යෝජනාවක්




මෙරට ජනතාව පෞද්ගලික රසායනාගාරවලින් ලබාගන්නා පී සී ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සදහා වන ගාස්තුවෙන් සියයට 50 හෝ රජය දැරිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මුහුණු ආවරණ, විෂ බීජ නාශක දියර සහ නිරෝධායනය ඇදුම් කට්ටල මිලදී ගත නොහැකි ජනතාව සදහා රජය විසින් ඒවා ලබාදිය යුතු බවයි.

එමෙන්ම වහාම ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්‍ෂ නියෝජනය වන අයුරින් සෞඛ්‍ය, ආරක්‍ෂක, ආර්ථික, සමාජ විද්‍යාඥයන්ගෙන් යුත් ජාතික සභාවක් පත් කළ යුතු බවද සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා සිය නිවේදනය මගින් දක්වා තිබෙනවා.

මේ අතර පී සී ආර් පරීක්‍ෂණ සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සදහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් ඉකුත්දා නිකුත් කළා. එක්  පී සී ආර් පරීක්‍ෂණයක් සදහා රුපියල් 6,500 ක උපරිම මිලක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සදහා රුපියල් 2,000 ක උපරිම මිලක් නියම කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.