Wednesday, May 8, 2024

General line - 0115112241

ඉන්දියාවෙි ආරක්ෂාව තර කෙරේ




ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත්වීමත් සමග සිය ආරක්ෂක තත්වය පිළිබද සමාලෝචනය කර නව ආරක්ෂක සැලසුම් සකස් කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා.

හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ , ඉන්දියාව තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් වන ලක්ෂාර් ඊ තයිබා සහ ජායිෂ් ඊ මොහොමඩ් යන සංවිධාන පසුගිය කාලය තුළ ඇෆ්ගනිස්තානයේ සටන්වලට සම්බන්ධ වී ඇති බවයි.

එම සංවිධාන දෙකෙහි ප්‍රධාන කාර්යය ජම්මු හා කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවීම වුවත් ඒවායේ සාමාජිකයන් ඇෆ්ගනිස්තානයේ සටන්වලට ද සම්බන්ධව සිටි බව තහවුරැ වී තිබෙනවා.

විශේෂයෙන්, ජායිෂ් ඊ මො⁣හොමඩ් සංවිධානයේ කොමාන්ඩෝ සාමාජිකයන් තලේබාන්වරැන් සහ හක්කානි ජාලය සමග එක්ව ඇමරිකානු සහ නේටෝ හමුදාවලට එරෙහිව පවා සටන් කර ඇති බව සදහන්.

ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත්වීමත් සමග එහි බන්ධනාගාරවල රදවා සිටි අන්තවාදී ත්‍රස්තවාදී සිරකරැවන්ට නිදහස හිමිවුණා.

ඒ අතර  ලක්ෂාර් ඊ තයිබා සහ ජායිෂ් ඊ මොහොමඩ් සාමාජිකයන් විශාල පිරිසක් ද වන බව සදහන්.

මේ පසුබිම තුළ ඉන්දියාවේ ආරක්ෂක බලධාරීන් නව ආරක්ෂක සැලසුම් සකස් කරමින් සිටින බවත්, ඇෆ්ගනිස්තානයේ තත්වය සමනය වූ වහාම ඒවා ක්‍රියාවට නැංවෙනු ඇති බවත් හින්දු පුවත් වාර්තාවෙි වැඩිදුරටත් දැක්වෙනවා.