Monday, May 6, 2024

General line - 0115112241

පොහොට්ටුව සහ හවුල්කාර පක්ෂ අතර යළි මත ගැටුමක්




කැබිනට් මණ්ලයේදී තින්දු තීරණ ගැනීමෙන් පසු එම රැස්වීමට සහභාගී වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් ඊට එරෙහිව මාධ්‍ය වෙත නිවේදන නිකුත් කිරීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවයි. 

අවම වශයෙන් සති 03 කට හෝ රට වසා දමන ලෙස, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉකුත් දා ලිඛිත ඉල්ලීමක් කර තිබුණා. හවුල්කාර පක්ෂ යොමු කළ එම ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මෙම අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර දිගින් දිගටම ඇතිවන මත ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.