Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් 9,606 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර ලබයි 




කොරෝනා ආසාදිතයින් 9,606 දෙනෙකු මේවනවිට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ද්විත්වික සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න පවසනවා. 

ඇය කියා සිටියේ ඉන් ආසාදිතයින් 3,000 කට අධික සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. 

13 යි 90 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හරහා ලියාපදිංචි වූ රෝගීන්ට පමණක් නිවෙස් ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.