Thursday, May 2, 2024

General line - 0115112241

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට - මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයටත් කැබිනට් අනුමැතිය




සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට ඊයේ රාත්‍රියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. 

වෙළඳපලේ කෘතිම සහල් හිගයක් ඇති කිරීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාට අවසර ලබාදීමටයි එහිදී තීරණය වී ඇත්තේ. 

මේ අතර කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවල මිල සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.