Thursday, May 2, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයට දැඩි වර්ෂාපතනයක් : රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්




මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (28) දිනයෙත් අලුයම සිට අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වයක් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පවසනවා.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වර්ශාපතනයක් ඇඳ හැලෙමින් පවතින බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

ඇද හැලෙන අධික වර්ෂාවත් සහ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.

පවතින වර්ෂාවත් සමග හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.

අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ