Wednesday, May 8, 2024

General line - 0115112241

ජපානයට නව අගමැතිවරයෙක්




ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යෝෂිහිඩේ සුගා වසරක පමණ කාලයක් ධූරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත ෆුමියෝ කිශිඩා මීට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. එළඹෙන මහ මැතිවරණයේදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය මෙහෙයවීම ඔහුට පැවරෙන පළමු අභියෝගය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.