Tuesday, May 7, 2024

General line - 0115112241

දේශසීමාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර යළි උණුසුම් තත්වයක්




නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේ වනවිට දෙපාර්ශවයම අදාළ දේශසීමා ප්‍රදේශයේ සන්නද්ධ බලය ඉහළ නංවමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ද්‍රම් බගාචි සදහන් කරන්නේ, චීනය නැගෙනහිර ලඩාක් දේශසීමාවේ හමුදා සාමාජිකයන් සහ නව උපකරණ යොදාගෙන සිය හමුදා ශක්තිය වැඩි කරමින් සිටින බවයි.

ඊට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව ද සිය එම දේශසීමා කලාපයේ හමුදා බලය ඉහළ නංවා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකවරයා සදහන් කළා.

දේශසීමාව පිළිබද ඇති  එකගතා ඒකපාර්ශ්විකව සහ සියුම් ලෙස බිදදැමීමට චීනය කටයුතු කරන බවත්, එය එහි සාමයට සහ සන්සුන්තාවයට බාධාවක් බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ අදහසයි.

කෙසේවෙතත් චීනය චෝදනා කරන්නේ දේශසීමාවේ මෙම උණුසුම් තත්වයට හේතුව ඉන්දියාව විසින් පවත්වාගෙන යන ඉදිරිගාමී ප්‍රතිපත්තිය සහ නීති විරෝධී දේශසීමා උල්ලංඝනය කිරීම් බවටයි.

එහෙත්,මෙම චෝදනා පදනම් විරහිත ඒවා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මතයයි.

චීනය සහ ඉන්දීය විදේශ අමාත්‍යවරැන්   සැප්තැම්බර් මස මුල් සතියේ කසකස්තානයේ ඩුෂන්බේහි දී හමුවූ අවස්ථාවේ දී ද මේ පිළිබද සාකච්ඡා කර තිබුණා.

එහිදී එකගවී තිබුණේ දැනට පවතින දේශසීමා එකගතාවයන් උපරිම ලෙස ආරක්ෂා කිරීමටයි.

2020 වසරේ මැයි මාසයේදී නැගෙනහිර ලඩාක්හි චීන ඉන්දියා හමුදා සාමාජිකයන් අතර ගැටුමක් ද හටගත් අතර එහිදී දෙපාර්ශවයටම සැළකිය යුතු ජීව්ත හානි සිදුවුණා.