Thursday, May 16, 2024

General line - 0115112241

අද සිට ක්‍රියාත්මක නව කිරිපිටි මිල ගණන්




ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් අද සිට ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑමයේ කිරිපිටි පැකට්ටුවක් නව මිල රුපියල් 1,195ක් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් නව මිල රුපියල් 480ක් වන බවයි එම සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසුරිය නෙත් නිවුස් වෙත පැවසුවේ.

එහෙත් කිලෝග්‍රෑමයක කිරිපිටි කිලෝවක් රුපියල් 1,300 ක් දක්වාත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වාත් ඉහළ දමන ලෙසයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මීට පෙර රජයෙන් ඉල්ලා සිටියේ. සිය පාඩුව අවම කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එම සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසුරිය මෙලෙස අදහස් පළ කළා.

කිරිපිටි මෙන්ම තිරිගුපිටි, ගෑස් සහ සිමෙන්තිවල හිගයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් පාලන මිල ඉවත් කිරීමට ඉකුත්දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණා. ඒ අනුව එම භාණ්ඩවල පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක්ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් ඊයේ නිකුත් කළා.

කිරිපිටි මිල ඉහල දැමීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අද කැඳවූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. මේ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්.