Tuesday, May 14, 2024

General line - 0115112241

අවුරුදු 18 - 19 දරුවන්ට එන්නතදීමට පෙර නියමු ව්‍යාපෘතියක්




අවුරුදු 18 සහ 19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීමට අදාළව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස ලබන 15 වනදා කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වලදී අදාළ වයස් කාණ්ඩයේ සිසුන්ට එන්නත ලබාදෙන බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් පැවසුවේ.

වයස අවුරුදු 12 ට අඩු ළමුන් සදහා එන්නතක් ලබාදීමට සිය සංගමය මෙතෙක් නිර්දේශ කර නොමැති බවද මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් පැවසුවා.

මේ අතර වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන්ට තෙවන මාත්‍රාව ලබාදීමට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 යි දශම 5ක් මිලදී ගැනීමට අදාළ  කටයුතු මේ වනවිට සිදුකරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවා.

මෙතෙක් කොරෝනා මර්දන එන්නත ලබානොගත් වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන්ගෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද යළිත් ඉල්ලීමක් කළා. 

මේ අතර විශ්ව විද්‍යාල  සිසුන් සදහා වන එන්නත්කරණ වැඩසටහන ලබන 11 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.