Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජය ගැන මහේල කතා කරයි




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඔස්ටේ්‍රලියාව සමඟ ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 15 ක් හෝ 20 ක් ලබාගත්තේ නම් තරගයේ තීරණය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. 

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ශ්‍රී ලංකා පිළේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මහේල පවසන්නේ ඊයේ තරගයේ ශ්‍රී ලංකා පළමු පන්දුවාර 10 දෙස බැලීමේදී පහසුවෙන් ලකුණු 170 සීමාව ඉක්මවා යාමේ අවස්ථාවක් පැවති බවයි. 

කෙසේවෙතත් ලකුණු 155 ක් යනු තරගයක් ලබාදීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් බවත් ශ්‍රී ලංකාවට වඩා ඔස්ටේ්‍රලියාව සැලසුම්සහගතව තරගයට එක් වූ බව මහේල පවසනවා. තරගයේ මැද භාගයේ ශ්‍රී ලංකා ඉනිමේ සිදුවූ බිද වැටීම හා පන්දු යැවීමේදී සිදුවූ දුර්වලතා ඔස්ටේ්‍රලියාවට එරෙහි තරගයේ පරාජයට බලපෑ බව මහේලගේ අදහසයි. 

මේ අතර ඊයේ පැවති තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ - බටහිර ඉන්දිය කොදෙව් හා පාකිස්තාන - ඇෆ්ගනිස්තාන තරග අද පැවැත්වෙනවා.