Thursday, May 2, 2024

General line - 0115112241

විදුලි සේවකයින් ආණ්ඩුවට අන්තිම දින දෙයි




ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව විදුලි සේවකයින් අද ආණ්ඩුවට පෙන්වා දුන් බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසනවා. 

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව අද පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලබන 05 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන බවයි රංජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ අද පැවති උද්ඝෝෂණය අසාර්ථක බවයි.

යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළා.