Thursday, May 2, 2024

General line - 0115112241

රට ජාත්‍යන්තර ගැටුමකට මැදිවිය හැකි බව පාඨලී කියයි 




යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම මඟින් රට ජාත්‍යන්තර ගැටුමකට මැදිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. 

සමගි ජන බලවේගය අද පැවත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙරටට ගෑස් සැපයීම විදෙස් රටකට පැවරීමෙන් සිදුවන්නේ රට සතු ගෑස් සම්පතෙන් ප්‍රයෝජන නොගෙන අපතේ යැවීමක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එහිදී පෙන්වා දුන්නා.