Thursday, May 2, 2024

General line - 0115112241

සිනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කරයි 




සිනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ, ලෝක වෙළඳපොලේ සීනි මිල වැඩිවීම, නැව් ගාස්තු වැඩිවීම සහ ඩොලරයේ අගය ඉහළ යාම වැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

සීනි සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මස දෙවනදායි. 

ඊට අනුව සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 125 ක් ලෙසත් දැක්වුණා.

කෙසේවෙතත් පසුගිය කාල සීමාව පුරා එම මිලට වෙළඳපොලේ සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාවක් තිබුණේ නැහැ. සීනි හිඟයක් ද වෙළඳපොල තුළ පැවතුණා. 

මේ අතර සහල් ඇතුලු භාණ්ඩ වර්ග කිහිපයක පාලන මිල ගණන් ද පසුගිය කාල සීමාවේදී ඉවත් කෙරුණා.