Thursday, May 2, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්




ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. 

ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ වැඩි කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේගෙන් කරුණු විමසුවා.

රට තුළට නව වෛරස් ප්‍රභේද ඇතුලුවී තිබේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.