Thursday, May 2, 2024

General line - 0115112241

රිය අනතුරු සිදුකර කප්පම් ගන්නා කල්ලියක් ගැන පොලිසිය සෙවිල්ලෙන්




බස්නාහිර පළාත තුළ සංවිධානාත්මකව රිය අනතුරු සිදුකර එම රිය අනතුරුවලට අදාළ පුද්ගලයින් බිය ගන්වා කප්පම් ලබාගන්නා කණ්ඩායමක් පිළිබද පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා. 

එම කණ්ඩායම අදාළ රිය අනතුරු සම්බන්ධයෙන් පොලීසියට වාර්තා කිරීම සිය බලය යොදාගනිමින් වළක්වන බවයි අනාවරණ වී ඇත්තේ. මෙවැනි සිද්ධීන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ලබාදෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානය මගින් ප්‍රජා පොලිස් කමිටු වෙත දැනුම්දීමක් කර ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.