Thursday, May 2, 2024

General line - 0115112241

නිවසක් බිඳ මිලියනයකට අධික දේපල සොරා ගනියි : ගම්පහ පොලිසියේ විමර්ශන ඉබි ගමනේ




ගම්පහ උඩුගම්පළ වතුමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 ක පමණ දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ පොලිස්  ස්ථානය සිදු කළ විමර්ශණය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවට චෝදනා එල්ලවනවා.

එම නිවසේ පදිංචිකාරිණියක වන චමිලා ජයසුන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශණයේ ප්‍රගතිය පිළිබද විමසූ විට ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් විවිධ ප්‍රකාශ සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද තමන් දැනුම්දීමක් කළ බවත්, ඊට ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද කරුණු විමසීමක් කළා. ඔහු කියා සිටියේ අදාළ පාර්ශවයට පොලිස් ස්ථානය වෙත පැමිණ විමර්ශනවල ප්‍රගතිව විමසා බැලිය හැකි බවයි.