Thursday, May 2, 2024

General line - 0115112241

අවදානම අවසන් නැහැ - අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින ලෙස සෞඛ්‍ය අංශ යළි මතක් කරයි




එළඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුවේදී අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවමත් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 සීමාවට වඩා අඩු කර ගැනීමට නොහැකිවීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දුන්නේ. 

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ ප්‍රදේශ කිහිපයකින් දැනටමත් අනු පොකුරු කිහිපයක් වාර්තා වී ඇති බවයි. 

පවතින තත්ත්වය යටතේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා ඡක්‍ඍ පරීක්ෂණවලට යොමු කිරීම සහ නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.