Tuesday, April 30, 2024

General line - 0115112241

සිමෙන්ති හිගය සති දෙකකින් විසදන බවට මුදල් ඇමතිගෙන් සහතිකයක්




රට තුළ පවතින සිමෙන්ති හිගයට ඉදිරි දෙසතිය තුළ විසදුම් ලබා දෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව වෙත සඳහන් කර තිබෙනවා. 

සිමෙන්ති හිගය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලට මේ වන විට දැඩි බාධා එල්ලවී ඇති බවයි ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නියලෙන පිරිස් පවසන්නේ. 

මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නියෝජිතයින් සමග ඉකුත්දා පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177කින් ඉහල නැංවිමටද සිමෙන්ති සමාගම් ඊයේ තීරණය කළා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 50හේ සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ 1,275ක්. 

ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,375කට අලෙවි කරන බවයි වාර්තා වන්නේ. 

මෙරටට සිමෙන්ති ආනයනය කරන ඉන්දියානු සමාගමක් විසින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,384ට අලෙවි කිරීමට තීරණය කිරීමත් සමග දේශීය සිමෙන්ති නිෂ්පාදන සමාගම්ද මිල ඉහල නැංවීමට පියවර ගත්තේ ඒ අනුවයි. ඒ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා මෙලෙස කරුණු දැක්වුවා.