Tuesday, April 30, 2024

General line - 0115112241

නෙත් කඨින පූජෝත්සවයේ කඨින දුස්සය කූරගල පුදබිමට වැඩම කෙරේ




ඓතිහාසික කූරගල පුදබිමේදී පළමු වරට සංවිධාන කරන නෙත් එෆ් එම් කඨින මහා පුන්‍යෝත්සවයේ කඨින දුස්සය එම පුදබිමට වැඩම කරවීම අද අළුයම සිදු කෙරුණා. 

කූරගල පුදබිමේ පැවැත්වෙන නෙත් කඨින මහා පුන්‍යෝත්සවයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධවනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

සෑම වසරකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම මෙවර පැවැත්වෙන්නේ 08 වන වරටයි. අන්තවාදීන්ගේ විවිධ තර්ජනයන්ට මුහුණ දී තිබූ කූරගල පුදබිම යළි සමස්ථ ජාතියටම තිළිණ කිරීමෙන් පසු නෙත් එෆ් එම් කඨින මහා පූජෝත්සවය මෙවර ඓතිහාසික කූරගල පුදබිමේදී සංවිධාන කෙරෙන්නේ පළමු වරටයි.