Tuesday, April 30, 2024

General line - 0115112241

මත්කුඩු වැටලීමකදී පොලිසියට කහටගස්දිගිලියේදී ප්‍රහාරයක්




හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු මුදා ගැනීම සඳහා පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට විරෝධය පළ කර පහර දීමක් සිදු කර තිබෙනවා. 

මෙම පහර දිමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

 අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත 18 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 27ක්ද සමගයි. එම සැකකරු මුදා ගැනිම සඳහා පිරසක් පැමිණ ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කරමින් පහර දිමක්ද සිදු කර තිබෙනවා. 

අනතුරුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් පැමිණ විරෝධය පළ කළ සහ පහර දීම් සිදු කළ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගැණුනු එම පිරිස අතර කාන්තාවන් 06 දෙනෙකුද වනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.