Thursday, May 2, 2024

General line - 0115112241

පාසල්වල සෞඛ්‍ය පිළිවෙත් ගැන සෞඛ්‍ය අංශ නොසතුටින්




ඇතැම් පාසල්වල සෞඛ්‍ය ක්‍රමවේද පිළිපැදීම සතුටුදායක තත්ත්වයක නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. 

පාසල් බලධාරීන් සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳවද බරපතල ගැටලු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ. 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනවා. 

ඒ අනුව 10, 11, 12 සහ 13වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන අතර එම පංති කාමර පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරුණා.