Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන කළකිරීමෙන් - තිස්ස විතාරණ




ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් කළකිරී ඇති බව ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසනවා. 

තමන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීමට මීට පෙර එකගතාව පළ කළද එය ද නොසලකා හැර ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. 

වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.