Wednesday, May 1, 2024

General line - 0115112241

අතුරුදන්වූ කෙසෙල්වත්තේ දැරියන් තිදෙනා යළි නිවෙස් වෙත




අතුරුදන් බවට වාර්තා වූ කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේ දැරියන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ තිබෙනවා. එලෙස අතුරුදන්ව සිටියේ එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු දැරියන් තිදෙනෙක්. 

ඔවුන් අවුරුදු 13 ත් 15 ත් අතර වයස් සීමාවේ පසුවන බවයි පොලීසිය පැවසුවේ. සිය දරුවන් දෙදෙනා සහ ඥාති දියණිය නිවසින් අතුරුදන් බවට දැරියන්ගේ පියා විසින් කෙසෙල්වත්ත පොලීසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. 

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එකම පවුලේ දැරියන් දෙදෙනා සිය මවගේ ජංගම දුරකථනය ද රැගෙන ගොස් ඇති බවයි. කෙසේවෙතත් දැරියන් තිදෙනා ඊයේ රාත්‍රියේ යළි කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවෙස වෙත පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ.